යෝජනාව
Pugoda
Horiwila Weda Nivasa, Wedagama, Pugoda, Sri Lanka
0112404935
වෛද්‍ය සේන බණ්ඩාට ශ්‍රී ලංකාවේ විකලාංග ප්‍රතිකාර පිළිබඳ දීර්ඝ සම්ප්රදායක් උරුම වේ. ශ්‍රී ලංකාවේ උතුරු මැද පළාතේ හොරිවිල ගම්මානයේ නම සහ කීර්තිය ලෝක ප්‍රසිද්ධියට පත්වූයේ එක්තරා පවුලකට සියවස් ගණනාවක් පුරා උරුම වූ සම්ප්‍රදායික විකලාංග ඖෂධ ප්‍රතිකාරය සහ විසිඑක්වන සියවස දක්වා එහි නොකැළැල් අඛණ්ඩව පැවතීමේනි. 1987 ආයුර්වේද වෛද්‍ය සභාවේ සාමාජිකවයකු ලෙස පත්වීමත් සමඟ ඔහුගේ දැනුම හා කුසලතා, ආයුර්වේද හා දේශීය වෛද්‍ය රෙගුලාසි දක්වා ව්‍යාප්ත විය. එවස්ම ඔහු කොළඹ විශ්ව විද්‍යාලයේ ආයුර්වේද පීඨයේ හා කැළණිය විශ්ව විද්‍යාලයේ වික්‍රමාරච්චි ආයුර්වේද විද්‍යාලය කළමනාකරණ මණ්ඩලයටද තෝරා පත් වුණේය.
හොරිවිලහි භාවිතා කරන සුවිශේෂී සම්ප්‍රදායික ප්‍රතිකාර ක්‍රමය මුළුමනින්ම සොබාදහම සමඟ මුසු වන අතර එය කිසි විටෙකත් ස්වාභාවික පරිවෘත්තීය සමතුලිතතාවයට පටහැනි නොවන අතර ඖෂධීය පැළෑටි සහ වෙනත් ස්වාභාවික සම්පත් නිරතුරුවම මේ සඳහා යොදාගැනේ.